ගිණි ගොඩකට පැන්නොත් පිච්චෙන බව දැනගෙන ‘රනිල්ට – නාමල්ට නෙවෙයි සජිත් ප්‍රේමදාසට ඡන්දය දී රටත් ජීවිතයත් බේරා ගැනීමට එජාපයටත්, පොහොට්ටුවටත් අවස්ථාව පැමිණ ඇතැයි‘මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහණී කවිරත්න පොළොන්නරුවේ දී පැවසුවාය.
ආර්ථිකය ගැන මෙලෝ අල බෝලයක් තරම් දැනුමක් නැති ගෝඨාභය රාජපක්ෂට බලය දුන්නෝත් රට හොම්බෙන් යන බව 2019 අපි ඇති තරම් කිව්වා. එදා වෙච්ච අත්වැරැද්ද නිසා මේ රට අවුරුදු 15 කට පිටිපස්සට ගියා. රටේ ආර්ථිකය, විදේශ සබඳතා ගැන කිසිම අවබෝධයක් නැති ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට බලය දුන්නොත් ආයෙත් සැරයක් රටම ගිණි ගොඩකට වැටෙන බව අප දැන ගත යුතු යැයි කවිරත්න මන්ත්‍රීවරිය පැවසූවේ පොළොන්නරුව පැවති සමගි ජන බලවේග රැස්වීම් මාලාව අමතමිනි.
අනුර කුමාර බලයට ඇවිත් පර්ලිමේන්තුව විසිරුවා හැරලා, ණය ස්ථායිකරණ විග්‍රහය, නැත්තම් අපි DSA කියලා කියන Debt sustainability Analysis ඉලක්ක වෙනස් කරන්න ගිය ගමන් ලංකාවට දෙසැම්බර් මාසයේ ලැබෙන්න තියෙන අයි.එම්.එෆ්. ඩොලර් මිලියන 700 ලැබෙන්නේ නැතුව යනවා. ලෝක බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු බහු පාර්ශවීය ආයතනය 5 කින් ලැබෙන්න තියෙන ණය, ව්‍යාපෘති ආධාර වලට එය බලපාන්න පුළුවන්.
රටේ අවසනාවකට හරි අනුර කුමාර ගේ ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවොත් දෙසැම්බර් මාසයේ රටට ලැබෙන්න තියෙන ඩොලර් මිලියන 1100 ක රටට ලැබෙන්නේ නෑ. අද ඩොලර් එක රු. 300 යි. ජනවාරි වෙන කොට ඩොලර් එක රොකට් වේගයෙන් උඩට යන්න පටන් ගන්නවා.
ඡන්ද ඉවර වෙනකල් රටට සංචාරකයින්ගේ පැමිණීම අඩු වෙනවා. ඒ අදායම අඩු වෙයි. රනිල්ගේ ආණ්ඩුව පාස්පෝට් දෙන්නේ නැති නිසා කපුටාස් හිට් ද ප්ලේන් කාලේ වගේ රට යන්න, රට ගිහින් පවුලේ අයට කන්න අදින්න දෙන්න සල්ලි එවන්නත් බෑ.
මේකේ ප්‍රතිඑලය වෙන්නේ මොකක්ද? අනිවාර්යයෙන්ම ඩොලර් එක රු. 390 ඉදන් 415 දක්වා ප්‍රමාණයකින් ජනවාරි සිට මාර්තු දක්වා කාලයේ දී ඉහළ යනවා.
මතක තියාගන්න, ලංකා ආණ්ඩුවට දිගින් දිගටම බහු පාර්ශවීය ණය ගෙවීමේ වගකීම තියෙනවා. මේ අවුරුද්දේ දැනට ඩොලර් මිලියන 600 ක් ගෙවා තියෙනවා. 2025 අප්‍රේල් වෙනකොට තවත් ඩොලර් මිලියන 525 ක් ගෙවන්නට තියෙනවා.
දැන් ආය සැරයක් අපි බංකොලොත් වෙලා අපිට ණය ගෙවන්න බෑ මචං කිව්වාට ආය ලංකාවට ණය දෙන්නට කවුරුවත් එන්නේ නෑ. අර හදුන්නෙත්තිගේ යාළුවෝ එවනවා කියන ඩොලර්වලින් මේ රටේ ආර්ථික අර්බුදයට උත්තර ලැබෙන්නේ නෑ.
මේ රටේ ආර්ථික අර්බුදය විසදන්න පුළුවන් සමගි ජනබලවේගයේ කණ්ඩායමට විතරමයි. අපේ කණ්ඩායමේ තමයි ඒකට අවශ්‍ය මානව සම්පත තියෙන්නේ. දක්ෂයෝ ඉන්නේ.
අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන පොරොන්දුවලට වැය වන මුදල ගණනය කරලා තියෙනවා.
අනුර ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන සහන දෙන්න අඩුම ගානේ රු. බිලියන 2000 ක්වත් අවශ්‍යයි. කොහේද මේ සල්ලි හොයන්නේ?
ඉස්සර ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රමුඛ කපුටාස් ටීම් එක අච්චුු ගැහුවා වගේ ආය සල්ලි අච්චු ගහන්න බෑ. හැබැයි මේ අය හැම තැනම කියනවා සල්ලි අච්චු ගහනවා කියලා.
බදු සහන දෙනවා කියලා. ඒ කියන්නේ අවම වශයෙන් අය වැය හිඟය රු. බිලියන 4000 ඉක්මවන බවයි.
එවිට මේ රටට අවශ්‍ය ඉන්ධන, පොහොර, බෙහෙත් ගේන්න සල්ලි නැති වෙනවා. ආයෙත් සැරයක් උද්ධමනය 20% – 22% කට යනවා, පෙබරවාරි මාසේ වෙන්න ඉස්සර වෙලා. මතකනේ ගෝඨාභය මේ වැඩේ කරලා මාස දෙනෙක් සන්ලයිට් කැටේක මිල දෙගුණ වුණා. කිරිපිටි පැකට් එකේ මිල තුන් ගුණයකින් වැඩිවුණා. රු. 10,000 ක බඩු ගන්න කෙනාට විතරක් කිරිපිටි පැකට් එකක් දුන්නා.
අපිට අමාරු කාලයේ ආධාර කරපු ඉන්දියාව, බංගලිදේශය වගේ රටවල්වත් ආය සැරයක් අපි දිහා හැරිලා වත් බලන්න්නේ නෑ. අද බංගිලි දේශයේ විදුලිය නෑ. ඉන්ධන හිඟයක් ඇති වෙලා. මාලදිවයිනේ රැකියාව කරන අයට ඩොලර් වලින් වැටුප් ගෙවා ගන්න බැරි වෙලා. මූණත් එක්ක තරහා වෙලා නහය කපාගන්ත බංගලි දේශයට, මාලදිවයිනට අත්වූ ඉරණම අනුර කුමාර නිසා ලංකාවට ම අත් වෙන්න පුළුවන්. යැයි ද රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවාය.
පොහොට්ටුවට ඡන්දේ දාලා නාමල් වෙනුවෙන් ගිණි ගොඩට පනින්න එපා. රනිල්ට ඡන්දේ දාලා රනිල් වෙනුවෙන් ගින්නට බිළිවෙන්න එපා. මේ ඡන්දය දිනන්න පුළුවන් සජිත් ප්‍රේමදාසට විතරයි. සජිත්ට ඡන්දය දීලා රටත් බේරගෙන තමනුත් බේරෙන එක පොහොට්ටුවටත්, එජාපයටත් දැන් තියෙන එකම විසඳුම යැයි ද ඇය තවදුරටත් පැවසුවාය.
– Media unit