සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසුව පිහිටුවන ආණ්ඩුව යටතේ මෙරට සෑම ගොවියකුටම තුවක්කුවක් ලබාදෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.
අද මෙරට ගොවි ජනතාවගෙන් අස්වැනුවලින් සියයට තිහකට වැඩි ප්‍රමාණයක් විවිධ වන සතුන් විසින් විනාශ කරන බවද ඔහු සඳහන් කළේය.
ඊට දීර්ඝ කාලීන විසඳුමක් සොයා ගත යුතු බවත් එතෙක් ගොවි ජනතාව සඳහා මෙම කෙටිකාලීන වැඩපිළිවෙලක් ලෙස තුවක්කු ලබාදීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.
සමගි ජන බලවේග සංවිධානය කරන ලද ජන හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.