April 18, 2024 5:46 am
Facebook
Twitter
WhatsApp
සත්ත්ව ආහාර මිල නගින අවදානමක්

සත්ත්ව ආහාර මිල නගින අවදානමක්

සත්ත්ව ආහාර මිල නගින අවදානමක්

බඩඉරිඟු ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදුන්නද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සත්ව ආහාර ආනයනකරුවන්ට බඩඉරිඟු ආනයනය කිරීමට ලබාදී තිබූ අවස්ථාව අත්හිටුවා ඇතැයි අනාවරණය වේ.

සත්ව ආහාර මිල ඉහළ යෑම හේතුවෙන් බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය පසුගියදා අවසරය ලබා දුන්නේය. බඩ ඉරිඟු ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා අය කරන ලද රුපියල් 75 ක බද්ද රුපියල් 25 ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කරන ලදී.

බඩඉරිඟු ආනයනය කිරීමේදී ඉන් සියයට 70 ක ප්‍රමාණයක් සත්ව ආහාර නිෂ්පාදකයන්ටත්, ඉතිරි සියයට 30 සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සත්ව ආහාර ආනයනකරුවන්ටත් ආනයනය කිරීමට අවසරය ලබාදෙන ලදී.

මෙහිදී ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයද සත්ව ආහාර නිෂ්පාදක ලැයිස්තුව යටතේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිව සිටින අතර, එම මණ්ඩලයද මෙට්‍රික් ටොන් දස දහසක පමණ බඩ ඉරිඟු තොගයක් ආනයනය කරන්නේය. ලියාපදිංචි සත්ව ආහාර ආනයනකරුවන් කියා සිටින්නේ බඩ ඉරිඟු ආනයනය සඳහා ආහාර නිෂ්පාදකයන්ට සේම ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට පමණක් අවස්ථාව ලබාදී තිබෙන බවය.

මෙලෙස සත්ව ආහාර ආනයනකරුවන්ට බඩඉරිඟු ආනයනය කිරීමට ලබාදී තිබෙන අවස්ථාව අහිමි කිරීම නිසා ඉදිරියේදී යළි සත්ව ආහාර මිල ගණන් ඉහළ යෑමේ අවදානමක් පවතින බවත්, මේ නිසා කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් දැඩි අසීරුතාවට පත්වන බවත් පශු සම්පත් අංශ කියයි.

මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස අමරසිංහගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ලියාපදිංචි සත්ව ආහාර ආනයනකරුවන්ට බඩඉරිඟු ආනයනය කිරීමට ලබාදී අවස්ථාව නතර කළ බවත්, ආහාර නිෂ්පාදකයන්ට පමණක් දැනට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දැනුම්දී තිබෙන බවත්ය.එම තොග ප්‍රමාණවත් නොවන්නේ නම් පමණක් ලියාපදිංචි සත්ව ආහාර ආනයනකරුවන්ට බඩඉරිඟු ආනයනය සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දැනුම්දී ඇතැයිද ඔහු කීවේය. මේ නිසා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට ද බඩ ඉරිඟු ආනයනය කිරීමට අවස්ථාව ලබාදී නොමැති බවද ලේකම්වරයා පැවසීය.

මෙහිදී ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගරගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ බඩඉරිඟු ආනයනය කිරීමට මෙට්‍රික් ටොන් 10,000ක කෝටාවක් ලැබී තිබෙන බවත්, එම තොගය ආනයනය කිරීමට කටයුතු යොදා තිබෙන බවත්ය. සිය ආයතනය රජයේ ආයතනයක් බැවින් බඩඉරිඟු ආනයනය නතර කර නැතැයිද ඔහු පැවසුවේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

සත්ත්ව ආහාර මිල නගින අවදානමක්

සත්ත්ව ආහාර මිල නගින අවදානමක්

සත්ත්ව ආහාර මිල නගින අවදානමක්

සත්ත්ව ආහාර මිල නගින අවදානමක්