March 3, 2024 12:48 pm
Facebook
Twitter
WhatsApp
සද්දන්ත වනඅලියෙකුට විදුලිසැර වද්දා මරාදමයි…

සද්දන්ත වනඅලියෙකුට විදුලිසැර වද්දා මරාදමයි…

සද්දන්ත වනඅලියෙකුට විදුලිසැර වද්දා මරාදමයි…

මුලතිව් පුදුකුඩිඉරිප්පු මන්නංකණ්ඩාල් ප්‍රදේශයේදී සද්දන්ත වනඅලියෙකුට විදුලිසැර වැද්දවීමෙන් මියගොස් සිටියදී ඊයේ (24) දින මරණ පරික්ෂණ කටයුතු සිදුකල බවට ඔඩ්ඩුසුඩාන් වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

මන්නංකණ්ඩාල් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක මෙලෙස අනවසර විදුලි රැහැන් ඇද තිබූ අතර එහිදී වනඅලියා අදාල ඉඩමට ඇතුල් ළුීමට ගත් උත්සහයකදී විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති බවට තොරතුරු අනාවරනය වී ඇතැයි වනජීවි නිලධාරීන් පැවසීය.

වනඅලියාගේ මරණය පිළිබඳව උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලයට දැනුම්දීමෙන් අනතරුව පශ්චාත් මරණ පරික්ෂණය උතුරු පලාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහත ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලදි.

මෙලෙස මිය ගොස් ඇත්තේ අඩි 9.6 ක් උසින් යුත් අවුරුදු 30 ක් පමණ වයසැති පිරිමි සද්දන්ත වනඅලියෙකු වන අතර මෙවැනි විශාල වනඅලියෙකු අලි රංචුවකට ඉතා කලාතුරකින් සිටින අතරම විශාල වනඅලියෙකු මෙලෙස මිය යාම අලි සම්පතටම බලපාන සාධකයක් බවටද පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන ලද වනජීවි පශුවෛද්‍ය නිලධාරීන් පෙන්වා දුන්හ.

මෙ අතර අදාල ඉඩමට විදුලි රැහැන් ඇදීම සිදුකරන ලද අදාල ඉඩමේ හිමිකරු පිළිබඳව ඔඩ්ඩුසුඩාන් පොලීසියට දැනුම්දීමට වනජීවි නිලදාරීන් පියවර ගෙන ඇති අතරම වනඅලියාගේ මරණය සම්බන්ධයෙන් වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට පියවර ගනිමින් සිටින බවටද ඔඩ්ඩුසුඩාන් වනජීවි නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

සද්දන්ත වනඅලියෙකුට විදුලිසැර වද්දා මරාදමයි…

සද්දන්ත වනඅලියෙකුට විදුලිසැර වද්දා මරාදමයි…

සද්දන්ත වනඅලියෙකුට විදුලිසැර වද්දා මරාදමයි…

සද්දන්ත වනඅලියෙකුට විදුලිසැර වද්දා මරාදමයි…