May 23, 2024 3:24 pm
Facebook
Twitter
WhatsApp
සාමණේර හිමිට අවුරුදු 3ක් ලිංගික අපයෝජනය කළ ලොකු සාධුලා

සාමණේර හිමිට අවුරුදු 3ක් ලිංගික අපයෝජනය කළ ලොකු සාධුලා

සාමණේර හිමිට අවුරුදු 3ක් ලිංගික අපයෝජනය කළ ලොකු සාධුලා

බාලවයස්කාර සාමණේර හිමිනමක් වසර තුනක් පුරා බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ ප්‍රදේශ කීපයක විහාරස්ථානවල වැඩිහිටි භික්ෂූන් වහන්සේලා දස නමක් සොයා ගම්පොල පොලිස් කොට්ඨාසට අයත් ගලහ පොලීසිය පරීක්ෂණක් අරඹා තිබේ.

දහතුන් හැවිරිදි මෙම සාමනේර හිමිනම වයස අවුරුදු 11 සිට මෙසේ අපයෝජනයට ලක්ව ඇතැයි පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

තලාතුඔය ,ගලහ ,හොරණ, ගාල්ල ආදී ප්‍රදේශවල විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් හා අනෙකුත් භික්ෂූන් මෙම හිමිනම අපයෝජනයට ලක් කර තිබේ. මෙම හිමිනම බොහෝ කාලයක සිට විඳි පීඩාව මවට පැවසීමත් සමගම එම මවගේ තව පුතෙක් පැවිදි වී සිටින හොරණ විහාරස්ථානයකට මෙම සාමණේර හිමි බාරදී තිබේ. මෙම හිමියන්ගේ වැඩිමහල් සහෝදරයා විහාරස්ථානවල හාමුදුරුවරුන් සිදු කළ දේවල් අසා ඉන්පසු එම හිමි ද මෙම කුඩා හිමිට අතවර කර තිබේ.

මෙය දැනගත් මව ඉන්පසු එම හිමිනම රැගෙන ගොස් ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයකට භාරදී තිබේ.එහිදී මෙම හිමිට බඩේ අමාරුවක් සෑදී කරාපිටිය රෝහලට ඇතුළත් කළ පසු වෛද්‍යවරුන් සිදුකළ පරීක්ෂණයකදී මෙම හිමියන් මෙසේ දීර්ඝ කාලයක් අපයෝජනයට ලක්ව ඇති බව සොයා ගෙන තිබේ.

ඒ අනුව උන්වහන්සේ සිටි විහාරස්ථාන පිහිටි පොලිස් ස්ථානවලට මේ පිළිබඳව දැනුම්දුන් පසු මෙසේ පරීක්ෂණ අරඹා තිබේ.මේ පිළිබඳ දැනගත් එම විහාරස්ථානවල හිමිවරුන් පොලීසිය මඟ හරිමින් සිටින බව පරීක්ෂණ පවත්වන ගලහ පොලීසිය පවසයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us