June 15, 2024 12:04 am
Facebook
Twitter
WhatsApp
සා. පෙළ හා උ. පෙළ කඩිනමින් අවසන් කිරීමට අවධානය

සා. පෙළ හා උ. පෙළ කඩිනමින් අවසන් කිරීමට අවධානය

සා. පෙළ හා උ. පෙළ කඩිනමින් අවසන් කිරීමට අවධානය

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කඩිනමින් අවසන් කර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, වයස අවුරුදු 18දී පාසල් අධ්‍යාපනය අවසන් කර උසස් අධ්‍යාපනය සඳහා සිසුන්ට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවය.

අධ්‍යයන පොදු සහතින පත්‍ර උසස් පෙළ විභාගයෙන් ප්‍රමුඛස්ථාන ලැබූ සිසුන්ගේ කුසලතා ඇගයීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ප්‍රතිඵල නිකුත් වීමටත් ප්‍රථම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේ අභියෝගයට සාර්ථක ව මුහුණ දෙමින් මේ වන විට ආරම්භ කර ඇති උසස් පෙළ විෂය ධාරාව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරු වත් අඛණ්ඩ ව ඉදිරියට පවත්වාගෙන යන බවය. 

එහි දී දරුවන්ගේ ප්‍රතිඵල සම්බන්ධ දළ පෙර කියවීමක් එම දරුවන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු උසස් පෙළ විෂය ධාරා තෝරාගෙන අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම දක්වා මාස 4-5ක පමණ කාලයක් අපතේ යෑමක් මින් පෙර සිදු වුවත් ඉදිරියේ දී එලෙස සිදු නොවී මේ සතියේ උසස් පෙළ පන්ති ආරම්භ කරන සිසුන්ට නියමිත වසර දෙක අවසන දී උසස් පෙළ විභාගයට මුහුණ දීමට අවස්ථාව හිමි වන බවත් මේ වසරේ දී නොවැම්බර් මස ආරම්භ වන උසස් පෙළ විභාගය 2025 වර්ෂය වන විට සැප්තැම්බර් මාසයේ පැවැත්විය හැකි වන බවත් මෙහි දී පැවසී ය.

පාසල් පද්ධතියේ හා විශ්වවිද්‍යාල පද්ධතියේත් කඩිනම් ව සිදුකෙරෙන මෙම අධ්‍යයන කටයුතු සාර්ථක ව පවත්වාගෙ යාම සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබා දීමට ද හැකි පමණ උත්සහ දරන බව ද කී අමාත්‍යවරයා කිසි දු දරුවකුගේ කාලය අපතේ නොයවා දක්ෂ දරුවන්ට වේගයෙන් ඉදිරියට ගොස් නව ලොව දැනුම හඹා යමින් පර්යේෂණවල නියැලී රටට අත්‍යවශ්‍ය නවෝත්පාදන බිහි කිරීමේ අවකාශ විවිර කිරීම ද මෙම ක්‍රියාදාමයන්හි ප්‍රධාන අරමුණක් බව ද පැවසී ය.

තාක්ෂණය හා දැනුම ශීඝ්‍රයෙන්‍ වෙනස් වන ලෝකයේ පොදු රාජ්‍ය මණ්ඩලය තුළ පවා කතා බහ වන කෘත්‍රීම බුද්ධිය වැනි විෂයන් සම්බන්ධ අද්දැකීම් ද ශිෂ්‍ය ප්‍රජාවට ලබා දිය යුතු ව ඇති බවත් ඊට පෙර එම විෂය භාවිතයට අදාළ නීති පද්ධතිය සම්පාදනය කළ යුතු බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. 

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

සා. පෙළ හා උ. පෙළ කඩිනමින් අවසන් කිරීමට අවධානය

සා. පෙළ හා උ. පෙළ කඩිනමින් අවසන් කිරීමට අවධානය

සා. පෙළ හා උ. පෙළ කඩිනමින් අවසන් කිරීමට අවධානය

සා. පෙළ හා උ. පෙළ කඩිනමින් අවසන් කිරීමට අවධානය