April 18, 2024 5:42 am
Facebook
Twitter
WhatsApp
සින්දු කියන- ‌කෙකරගාන නරි වඳවෙති

සින්දු කියන- ‌කෙකරගාන නරි වඳවෙති

සින්දු කියන- ‌කෙකරගාන නරි වඳවෙති

පසුගිය වසර දහයේදී මෙරට හිවල් ගහනය සැලකිය ලෙස අඩු වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ, සත්ත්ව විද්‍යා අධ්‍යන අංශයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් තහවුරු කරගෙන තිබේ. ශ්‍රී ලංකාවේ නරියාගේ (Cains aureus naria) නාද රටාව, චර්යාව සහ පරිණාමය පිළිබඳ කළ අධ්‍යනයකදී මේ බව තහවුරු කරගෙන තිබිණි.

වාසස්ථාන අහිමිවීම, ආහාර සොයා ගැනීමේ නොහැකියාව සහ මෙරට මාර්ග ජාල පුළුල් කිරීම මෙරට හිවලුන් සංඛ්‍යාව අඩුවීමට ප්‍රධානතම හේතුව වී ඇති බව මෙම අධ්‍යනයේදී තහවුරු කරගෙන ඇත. මේ නිසා බොහෝ ප්‍රදේශ ආශ්‍රිතව හිවලුන් ගම්වදින බවද ආනාවරණය කරගෙන තිබේ. 

එහි දී මෙම පර්‌යේෂණ කණ්ඩායම විසින් විවිධ ප්‍රදේශවල සිටින හිවලුන්ගේ වසුරු පරීක්ෂා කර ඇති අතර එහිදී දක්නට හැකි වී ඇත්තේ මෙම සතුන් ප්‍රධාන ආහාර වේලට අමතරව මිනිසුන් විසින් ඉවතලන ආහාර අනුභව කිරීමට පුරුදු වී සිටින බවයි. එහිදී ඔවුන්ට බත්, පරිප්පු ඇට, කොස්, ලූනු පොතු, කෙසෙල්, වරකා වැනි පලතුරු වර්ග ද සොයා ගැනීමට හැකි වී තිබීම ද විශේෂත්වයකි.

අනෙක් ක්ෂීරපායි සතුන්ට සාපේක්ෂව මෙරට හිවලාගේ විශේෂත්වයක් ඇති බවද පර්‌යේෂකයන් විසින් සොයාගෙන තිබේ. ඒ උස් හඬකින් වචන උච්චාරණය කරන ක්ෂීරපායි විශේෂයක් ලෙස හිවලා හඳුනා ගැනීමයි.

“අපේ නරියා අනෙක් ක්ෂීරපායින් වගේ නෙමෙයි, එයා කුරුල්ලෙක් වගේ සිංදු කියනවා. එයා අඬනවා. එයා කෙකර ගානවා. අපි දන්නා විදියට මේ වගේ වචන භාවිත කරන අනෙක් ලංකාවේ එකම ක්ෂීරපායි සතා තමයි ‘‘කළු වඳුරා” යැයි මෙම පර්‌යේෂණයේ අධීක්ෂණ නිලධාරිවරයා වන කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා විශේෂඥ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න කීවේ ය.

මෙම සත්ත්වයාගේ උප විශේෂ දහතුනක් ලෝකය පුරා සිටින අතර ඉන් එක් උප විශේෂයක් අප රටේ සිටී. ඒ අනුව මේ වන විට යාල, උඩවලව, විල්පත්තු, කුමන සහ වස්ගමුව වැනි ජාතික වනෝද්‍යාන තුළ මෙම හිවල් පැටවුන් වැඩි සංඛ්‍යාවක්‌ සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සතුන් පරිසර පද්ධතියේ සමතුලිතභාවය රැක ගැනීමට දායක වන ප්‍රමුඛතම විලෝපිකයන්ගෙන් එකකු වන අතර ගහනය අඩුවීම නිසා මොනරුන්ගේ වැඩිවීමක්ද දක්නට ඇති බව ද තහවුරු වී තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

සින්දු කියන- ‌කෙකරගාන නරි වඳවෙති

සින්දු කියන- ‌කෙකරගාන නරි වඳවෙති

සින්දු කියන- ‌කෙකරගාන නරි වඳවෙති

සින්දු කියන- ‌කෙකරගාන නරි වඳවෙති