April 22, 2024 12:26 pm
Facebook
Twitter
WhatsApp
සිනිගම දේවාලයේ අමුතුම ගණුදෙනු.. ඉහලින්ම පරීක්‍ෂණයක්..

සිනිගම දේවාලයේ අමුතුම ගණුදෙනු.. ඉහලින්ම පරීක්‍ෂණයක්..

සිනිගම දේවාලයේ අමුතුම ගණුදෙනු.. ඉහලින්ම පරීක්‍ෂණයක්..

සීනිගම දේවාලයේ තාවකාලික භාරකරුවකු ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පත් කර ඇති සහකාර කොමසාරිස්වරයකු මාස 03 ක දීමනාව ලෙස රුපියල් දෙලක්ෂ දහහතර දහස් තිස් දෙකක (2,14,032/-) මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලැබුණූ තොරතුරු මත පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලය අද (21) ප්‍රකාශ කළේය.

සීනිගම දේවාලයේ වත්මන් කාර්යමණ්ඩලය මේ සම්බ්ධයෙන් කියන්නේ රුපියල් දෙලක්ෂ දාහහතර දහසක (2,14,000/-) මුදලක් වත්මන් භාරකරු වන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් නිමේෂ තිවංකර සෙනෙවිපාල මහතා ලබාගෙන තිබෙන බවයි. ඒ මහතා ලබාගෙන ඇත්තේ එම තනතුරට හිමි රුපියල් හැත්තෑ දහස් තුන්සිය හතලිස් හතරක (70,344/-) මාසික දීමනාව බව ප්‍රකාශ කරන බවද දේවාලයේ කාර්යය මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

2023 ඔක්තෝම්බර්, නොවැරම්බර් සහ දෙසැම්බර් යන මාස තුනක් සඳහා  රුපියල් දෙලක්ෂ දහහතර දහස් තිස් දෙකක (2,14,032/-) චෙක් පතක් ලබාගෙන ඇත්තේ නීත්‍යානුකූලව බව නිමේෂ තිවංකර සෙනෙවිපාල මහතාට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. 2013 වසරේ  සිට 2023 දක්වා වු වසර 10 ක කාලයක් දේවාලය පාලනය කරන ලද භාරකරු කරන ලද අකටයුතු සම්බන්ධයෙන් පරික්ෂණ හා විමර්ෂණ වලට වත්මන් භාරකාර, සහකාර කොමසාරිස්වරයා සමග උරණ වී මෙවැනි ප්‍රචාර සිදුකරන බවද නිමේෂ තිවංකර සෙනෙවිපාල මහතාගේ පාර්ශවය සදහන් කරයි.

2013 ට පෙර සීනිගම දේවාලය භාරකාරිත්වය දැරූ පාලන අධිකාරිය සීනිගම දේවාලයේ අරමුදල් ලෙස ඉතිරි කර තිබු රුපියල් කෝටි 10 ක තැන්පත් මුදල හැරෙන්නට සීනිගම දේවාලයේ 2013 –  2023 අතර වසර 10 ක කාලය තුල ඉතිරි කර තිබුනේ තවත් රුපියල් කෝටි 08 ක පමණ මුදලක් බවද සීනිගම දේවාලයේ වත්මන් භාරකාර මණ්ඩලය පෙන්වා දෙයි. සීනිගම දේවාලයේ පැවති අර්බුද හමුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා විසින් පසුගිය 2023 ඔක්තෝම්බර් මාසයේ තාවකාලික භාරකරුවකු පත්කර කටයුතු සිදුකරගෙන යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර තිබුණි. වත්මන් භාරකරු මාස 04 ක කාලය තුල ඉතිරි කර ඇති මුදල රුපියල් කෝටියකට අධික බවද දේවාලයේ කාර්යය මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ආර් එම් පී රත්නායක මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.

අපේ දෙපාර්තමේන්තුවෙන් සිනිගම දේවාලයට තාවකාලික භාරකරුවකු ලෙස පත්කරා. ඔහුට දේවාලයෙන් නියමිත දීමනාවක් ගෙවල තිබෙනවා. ඒක ප්‍රවාහනය වෙනුවෙන් වගේම ඔහුගේ සේවාවට හිමි චක්‍රලේඛණ ගත දීමනාවක්. රුපියල් 2,14,032/- මුදලක් අරගෙන යැයි ප්‍රකාශ කළාට ඒක මාස තුනක දීමනාවක් බවටයි, අපි කරපු පරික්ෂණ වලදී හෙලි වෙලා තියෙන්නේ. එය ස්ථාන මාරුවක් ලබා දීමට තරම් වරදක්ද යන්න සොයා බැලිය යුතුයි.

අකටයුත්තක් සිදුවෙලා කියලා දැනට මා දකින්නේ නැහැ. අපි ඉදිරියටත් මේ සම්බන්ධව වැඩි දුර පරික්ෂණ සිදු කරල, යම් අකටයුත්තක් වෙලා නම් තරා තිරම නොබලා නීතිය අනුව කටයුතු කරනවා.

– ජයකාන්ත ලියනගේ

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

සිනිගම දේවාලයේ අමුතුම ගණුදෙනු.. ඉහලින්ම පරීක්‍ෂණයක්..

සිනිගම දේවාලයේ අමුතුම ගණුදෙනු.. ඉහලින්ම පරීක්‍ෂණයක්..

සිනිගම දේවාලයේ අමුතුම ගණුදෙනු.. ඉහලින්ම පරීක්‍ෂණයක්..

සිනිගම දේවාලයේ අමුතුම ගණුදෙනු.. ඉහලින්ම පරීක්‍ෂණයක්..