රටවල් කිහිපයක් සමග සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම්වලට කඩිනමින් අත්සන් තැබීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
එම ගිවිසුම් මගින් විදේශයකදී අත්අඩංගුවට ගන්නා මෙරටට අවශ්‍ය පුද්ගලයින් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කරයි.
රටවල් කිහිපයක් සමග එවැනි ගිවිසුම් අත්සන් කර ඇති අතර තවත් රටවල් කිහිපයක් සමග කඩිනමින් සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුම්වලට අත්සන් කිරීමට සැලසුම් කර ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එම කටයුතු සම්බන්ධීකරණය සිදු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
මෙරට විවිධ අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 42 දෙනෙකු මේ වනවිට විදෙස් රාජ්‍යයන් වන ඉන්දියාවේ හා යුරෝපීය රටවලවල සැඟව සිටින අතර ඔවුන් අතරින් වැඩිම පිරිසක් රැඳී සිටින්නේ ඩුබායිහි ය.
එම පිරිස අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති අතර, නිරන්තරයෙන් බුද්ධි වාර්තා ලබා ගනිමින් සිටින බවද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළේ ය.