March 3, 2024 12:39 pm
Facebook
Twitter
WhatsApp
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය සහන

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය සහන

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය සහන

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා ඉදිරි අයවැයේදී බැංකු ණය සහන ලබාදීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (01) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023 අමතමිනි.

සිඟමන් යදින රටක් වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට නම් කෙතරම් අසීරු වුවද අද දවසේ ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදුවන බවද ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළේය.

වැට් බද්ද 18%කින් වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන බවත්, එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු තීන්දුවක් බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා නායකත්වය යනු ජනතාවට සත්‍ය පහදා දී රට වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීම බවද කියා සිටියේය.

එසේම මෙම දුෂ්කර තීන්දු තීරණ ගැනීම මැතිවරණයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට අසීරු කටයුත්තක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

තවද ඉදිරි අය වැයේ දී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන ලබාදීම පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බල ගැන්වීම උදෙසා, කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ජාතික කර්මාන්ත විශිෂ්ටතා උළෙල 2023 සංවිධානය කර තිබිණි.

මෙහිදී ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 21ක් හා උප කර්මාන්ත ක්ෂේත්‍ර 61ක් වෙනුවෙන් තරග කිරීමට අයදුම් කළ කර්මාන්ත ව්‍යවසායකත්ව 4,000කට අධික ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ ව්‍යවසායකයින් 300 දෙනෙකු ප්ලැටිනම්, රන්, රිදී සහ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබූහ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය සහන

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය සහන

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය සහන

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ණය සහන