May 23, 2024 3:46 pm
Facebook
Twitter
WhatsApp
හමුදා කඳවුරුවලට දේශපාලනය ගේන්න එපා

හමුදා කඳවුරුවලට දේශපාලනය ගේන්න එපා

හමුදා කඳවුරුවලට දේශපාලනය ගේන්න එපා

දේශපාලනය හමුදා කඳවුරු තුළට නොගෙනන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (23) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

එහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙලෙස පැවසීය.

“විශ්‍රාමික නිලධාරීන්ට දේශපාලනය කිරීමේ පූර්ණ අයිතිය තියෙනවා. කවුරු පාලනයේ හිටියත් හමුදාවට දේශපාලනය ගේන එකට අපි විරුද්ධයි. ඔබතුමා හිටියත් ඒකට විරුද්ධ වෙනවා. මම දන්නවා. සම්පත් තුයකොන්තා හිටපු ගුවන් හමුදා නිලධාරියා ගුවන් හමුදා ඩාන්ස් එකේ හිටියා මම දැක්කා. විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට හමුදා කඳවුරට එන්න විශේෂ හේතුවක් නෑ. එහෙම එනව නම් විශේෂ අවසරයක් ඔ්න. මම ගියත් ගුවන් හමුදාපති දැනුවත් කරලා යන්නේ. ගුවන් හමුදාපති මගින් එතන කදවුරේ නිලධාරීන් දැනුවත් කරලා යන්නේ. ඒ ගියත් මම එතන දේශපාලනය කතා කරන්නේ නැහැ. ඔබතුමාගේ දේශපාලන ව්‍යාපාරයේ නිලධාරීන් ගණනාවක් ඉන්න බව මම දන්නවා. ඔබතුමා කල්පනා කරලා බලන්න. ඒකෙන් කිහිපදෙනෙකුට විතරක් මේ ප්‍රශ්නය ඇති වුනේ ඇයි කියලා. එතකොට අනිත් අයට බාධාවක් නැහැ. සමහර තැන්වල අසාධාරණකම් සිද්ධ වෙලා තිබුණා. අපි ඒ තීරණ වෙනස් කරලා තියෙනවා. දේශපාලනය හමුදා කඳවුරුවලට කරුණාකරලා ගේන්න එපා.”

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

හමුදා කඳවුරුවලට දේශපාලනය ගේන්න එපා

හමුදා කඳවුරුවලට දේශපාලනය ගේන්න එපා

හමුදා කඳවුරුවලට දේශපාලනය ගේන්න එපා

හමුදා කඳවුරුවලට දේශපාලනය ගේන්න එපා