ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳුම්කරණය හිමියන් විසින් අප්‍රේල් මාසයේදී ඉදිරිපත් කරන ලද යෝජනාව පිළි නොගන්නා බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න ඕන රටට උපරිම ලාභයක් ලැබෙන විදිහට. ඡන්දෙට කලින් මොකක් හරි යෝජනාවකට එකඟ වියයුතු නෑ.
අපි සමගි ජන බලවේගය විදිහට ණය හිමියන්ගේ අප්‍රේල් යෝජනාවට කැමති නෑ. මේ පිළිබඳව සමාජයේ කථිකාවක් නොමැති නිසා අපි අවධානමකයි ඉන්නේ.
මේ නිසා, මා අවධාරණය කරන්නේ රට ගැන හිතල මේ අවස්ථාවේ තීරණ ගන්න කියලයි. රට කබලෙන් ලිපට නම් දාන්න එපා.