පොසොන් පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් අවස්ථාවක් ලබා දී තිබේ.
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක පැවසුවේ හෙට දිනයේ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර හා සනීපරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව ලබාදෙන බවයි.
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල ව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කිරීමට නියමිතයි.