March 3, 2024 11:00 am
Facebook
Twitter
WhatsApp
හොරබඩු කන්ටේනර දෙකක් මුදා හරින්නැයි අධිකරණ ලොක්කෙකුගෙන් රේගුවට බලපෑම්…

හොරබඩු කන්ටේනර දෙකක් මුදා හරින්නැයි අධිකරණ ලොක්කෙකුගෙන් රේගුවට බලපෑම්…

හොරබඩු කන්ටේනර දෙකක් මුදා හරින්නැයි අධිකරණ ලොක්කෙකුගෙන් රේගුවට බලපෑම්…

රජයට අයවිය යුතු කෝටි ගණනක බද්දක් වෙනුවට ලක්ෂ තුනක් ගෙවා කොත්තමල්ලි ලෙස ආනයනය කළ බීඩි කොළ කන්ටේනර් දෙක මුදාහැරීම සඳහා බලපෑම් කර පැත්තේ අධිකරණ ක්ෂේත්‍රයේ සේවයේ සිටි ඉහළ නිලධාරියකු බව මුදල් අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ගයන් සඳහන් කළේය.

රජයට අයවිය යුතු කෝටි ගණනක බද්දක් වෙනුවට ලක්ෂ තුනක් ගෙවා කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් බීඩි කොළ කන්ටේනර් බහාලුම් දෙකක් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කර තිබූ අතර එහිදී අදාළ බීඩි කොළ කන්ටේනර් බහාලුම් දෙක ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අදාළ බීඩි කන්ටේනර් බහාලුම් මුදාහරින ලෙසට අදාළ ඉහළ නිලධාරියාගෙන් බලපෑම් එල්ල වී තිබූ අතර ඒ අනුව ඒ පිළිබඳ විමර්ශන අල්ලස් කොමිසම වෙත පැවරීමට වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පියවර ගෙන ඇත.

කොත්තමල්ලි ලෙස හඟවමින් ආනයනය කරන ලද අදාළ බහාලුම් දෙක තුළ බීඩි කොළ කිලෝග්‍රෑම් 11.60ක් තිබී ඇති අතර ඒවා කොත්මල්ලි ලෙස ආනයනය කිරීම හේතුවෙන් රජයට බදු ලෙස අයවී තිබුණේ ලක්ෂ 3ක මුදලක් වන අතර රජයට අයවීමට තිබූ බදු මුදල රුපියල් කෝටි 07ක් වේ. ඒ අනුව එමඟින් රජයට අහිමි වී තිබූ බදු මුදල රුපියල් හය කෝටි අනූහත් ලක්ෂයකි.

අමිල අබේරත්න
– Mawbima

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us