March 5, 2024 3:33 pm
Facebook
Twitter
WhatsApp
හොර රත‍්‍රන් තොගයක් මුහුදු තීරයේදී අත්අඩංගුවට..

හොර රත‍්‍රන් තොගයක් මුහුදු තීරයේදී අත්අඩංගුවට..

හොර රත‍්‍රන් තොගයක් මුහුදු තීරයේදී අත්අඩංගුවට..

මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේදී මුහුදු මාර්ගයෙන් මෙරටින් රැගෙන යාමට උත්සාහ රත්තරන් කිලෝ 2 යි ග්‍රෑම්150 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙක්, අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කර එම ඩිංගි යාත්‍රාව තුල සූක්‍ෂම ලෙස සඟවා නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ රත්තරන් තොගය, සැකකරුවන් පස්දෙනා සහ වාහන නාවික හමුදා භාරයට ගනු ලැබීය.

ඔළුතුඩුවායි වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි වැඩිදුරටත් කළ පරීක්ෂාවේ දී, මෙම ජාවාරම සඳහා යොදා ගත් බවට සැකකෙරෙන ත්‍රීරෝද රථය සහ යතුරුපැදිය භාරයට ගත් බවත් එම සැකකරුවන් වයස අවුරුදු 28 ත් 56 ත් අතර වයසේ පසුවන වංකාලේ සහ මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචි සැකකරුවන් වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ රත්තරන් තොගය ඉදිරි විමර්ශන සඳහා කන්කසන්තුරෙයි රේගු නිලධාරී කාර්යාලයට භාරදීමට පියවර ගත් බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංක

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

හොර රත‍්‍රන් තොගයක් මුහුදු තීරයේදී අත්අඩංගුවට..

හොර රත‍්‍රන් තොගයක් මුහුදු තීරයේදී අත්අඩංගුවට..

හොර රත‍්‍රන් තොගයක් මුහුදු තීරයේදී අත්අඩංගුවට..

හොර රත‍්‍රන් තොගයක් මුහුදු තීරයේදී අත්අඩංගුවට..