April 22, 2024 12:32 pm
Facebook
Twitter
WhatsApp
ළමා පොත් අස්සේ කෝටි 23ක කොකේන්

ළමා පොත් අස්සේ කෝටි 23ක කොකේන්

ළමා පොත් අස්සේ කෝටි 23ක කොකේන්

රුපියල් කෝටි විසි තුනක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ළමා කතාන්දර පොත් 08ක පිටකවර තුළ සඟවා මෙරටට රැගෙන ආ ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (22 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය එරට රෙදිපිළි වෙළෙඳාමේ නිරත 42 හැවිරිදි කාන්තාවක් වන බව මූලික රේගු විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන මුලින්ම ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරින් ගමන් අරඹා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඉන්පසුව එතැන් සිට ඇය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.

ඇය මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 598ක් බරැති මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂම ලෙස, ඝනකම සහිත ඉංග්‍රීසි ළමා කතන්දර පොත් පිටකවර කපා, සකස් කර ඒ තුළ බහා සිය ගමන් මලු තුළ සඟවා ගෙන රැගෙන විත් තිබිණි.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම වසර තුළ කටුනායක ගුවන් තොටුපොළ තුළ සිදු කළ පස් වැනි කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම මෙය බව උසස් රේගු නිලධාරීවරයකු පැවසීය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ළමා පොත් අස්සේ කෝටි 23ක කොකේන්

ළමා පොත් අස්සේ කෝටි 23ක කොකේන්

ළමා පොත් අස්සේ කෝටි 23ක කොකේන්

ළමා පොත් අස්සේ කෝටි 23ක කොකේන්