May 23, 2024 2:04 pm
Facebook
Twitter
WhatsApp
ළමුන් 29කට ආහාර විස වෙයි

ළමුන් 29කට ආහාර විස වෙයි

ළමුන් 29කට ආහාර විස වෙයි

නුවරඑළිය නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන 05 ශ්‍රේණියෙන් පහළ පාසල් ළමුන් 29 දෙනෙකු ආහාර විස වීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට අද (28) මධ්‍යහන 12 ට පමණ ඇතුලත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂක මහේන්ද්‍ර සෙනෙවිරත්න පවසයි.

රෝහල් අධ්‍යක්ෂක වරයා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර ආහාර විෂවීම හේතුවෙන් වමනය හා ක්ලාන්තය තත්ත්වය ඇතිවීමමෙන් ළමුන් රෝහල් ගත කර ඇති අතර නමුත් අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් සිදු කරන බවයි.

නුවරඑළිය නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් දරුවන්ට සෑම දිනකම දිවා ආහාරය පාසලෙන් සැපයීමට කටයුතු කරන අතර අද දින දිවා ආහාර ලබා දීමෙන් අනතුරුව සිහිසුන්ව ඇද වැටීමෙන් හා වමනය යෑම හේතුවෙන් මෙලෙස පාසල් ළමුන් 29 දෙනෙකු රෝහල් ගත කිරීමට කටයුතු කළ බව පාසලේ විදුහල්ති එස්.සීතා සඳහන් කරයි.

මේ පිළිබඳ නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලසන්ත අඹේරත්නගෙන් අප කළ විමසීමකදී ඒ කියා ප්‍රමිතියකින් තොර ආහාර ලබා දීම හේතුවෙන් මෙවැන්නක් සිදුවී ඇති බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට මේ වන විටත් විශේෂ කණ්ඩායමක් ස්ථාපනය කර අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කර ඇති බවයි .

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ළමුන් 29කට ආහාර විස වෙයි

ළමුන් 29කට ආහාර විස වෙයි

ළමුන් 29කට ආහාර විස වෙයි

ළමුන් 29කට ආහාර විස වෙයි