සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නියෝගයකට අනුව 2024 වසර සඳහා ඇණවුම් කළ හැකි ඖෂධ, ශල්‍ය උපකරණ හා රසායනාගාර අවශ්‍යතා ලේඛනය සියයට හැටකින් කප්පාදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේය.
ඒ අනුව ඖෂධ වර්ග 497ක්, ශල්‍ය උපකරණ 5301ක් හා රසායනාගාර උපකරණ හා අනෙකුත් අවශ්‍යතා 2219ක් සැපයුම් ලේඛනයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය කොළඹ ඊයේ (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.
ඉවත් කළ ඖෂධ අතර ඇතැම් පිළිකා ඖෂධ මෙන්ම විටමින් සී වැනි අත්‍යවශ්‍ය අඩු වියදමකින් සැපයිය හැකි ඖෂධ පවා සීමා කර ඇති බව එම සංගමයේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කළේය.
මෙම කප්පාදුව පිළිබඳ සියලු දත්ත වෛද්‍ය සැපයුම් අංශයේ ස්වස්ථා දත්ත පද්ධතියටද ඇතුළත් කර තිබේ. රසායනාගාර අවශ්‍යතා තීරණය කර ඇත්තේ කිසිදු වෘත්තිකයකු සමග සාකච්ඡා කර නොමැතිව බවද ඔහු අවධාරණය කර සිටියේය.