සමගි ජන බලවේගය විසින් පිහිටුවන ඉදිරි ආණ්ඩුවක අමාත්‍ය ධූරයන් වෙන්කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විටත් එම පක්ෂය තුළ සීතල තරගයක් ආරම්භ වී තිබෙ.
එහිදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ යහමින් මුදල් ගැවසෙන ව්‍යාපෘති වැඩි වශයෙන් ලැබෙන අමාත්‍යංශයන් සම්බන්ධයෙනි.
අඩු මුදල් ප්‍රමාණයක් වෙන් වෙන්වන ලැබෙන ආදායමද අඩු අමාත්‍යංශ සඳහා කිසිවෙකු උනන්දු නොවන තත්වයක් ඇති වී තිබේ.
මේ අතර සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ තම ආණ්ඩුවක අමාත්‍යවරුන් දුෂ්කර ක්‍රියා කිරීමට සූදානම් විය යුතු බවයි.
අමාත්‍ය ධුර යනු රෝස මල් යහනාවක් නොවන බව සිතේ සිතාගත යුතු බවද ඔහු ජනරැළියක් අමතමින් කියා සිටියේය.